Facts
ව්‍යාපාරිකයෙකු ලෙස, පාරිභෝගිකයා ප්‍රතික්ෂේප කළ (Rejected) හෝ ආපසු එවූ ඇණවුම් නිවැරදිව කළමනාකරණය කිරීම ඔබේ වගකීමකි. Mehewara Smart Dashboard එක හරහා මෙය ඉතා පහසුවෙන් සිදු කළ හැක.
පාරිභෝගිකයෙකු Return Request එකක් දැමූ විට ඔබට එය ක්‍රම දෙකකට විසඳිය හැක.
ඔබේ Business Dashboard වෙත යන්න.
Orders ටැබ් එක තෝරන්න.
Return ඉල්ලීමක් ඇති ඇණවුම් රතු පැහැයෙන් හෝ විශේෂ සලකුණකින් දිස්වනු ඇත.
අවස්ථාව A: ඔබ තවමත් භාණ්ඩය යවා නොමැති නම් (Packaging Stage) සිසුවා භාණ්ඩය යැවීමට පෙරම එය අවලංගු කර ඇත්නම්:
Order එක ඉදිරියෙන් ඇති "Approve Return (Full Refund)" තෝරන්න.
එවිට සිසුවාට කුරියර් ගාස්තු ඇතුළුව සම්පූර්ණ මුදලම ආපසු ලැබේ.
අවස්ථාව B: පාරිභෝගිකයා භාණ්ඩය ප්‍රතික්ෂේප කළේ නම් (Delivery Return) සිසුවා භාණ්ඩය කුරියර් නිලධාරියා වෙත ආපසු ලබා දී ඇත්නම්:
පළමුව, ආපසු එවූ පාර්සලය නැවත ඔබේ අතට ලැබෙන තෙක් රැඳී සිටින්න.
භාණ්ඩය ලැබුණු පසු, Dashboard එකේ අදාළ Order එක සොයා "Confirm Receipt & Refund" බොත්තම ඔබන්න.
එවිට සිසුවාට භාණ්ඩයේ වටිනාකම පමණක් ආපසු ලැබෙන අතර, කුරියර් ගාස්තුව (Delivery Fee) අඩු කරනු ලැබේ.
Return එකක් සිදුවන විට ඔබේ ගිණුමෙන් අඩු වන්නේ ඔබට ලැබුණු ශුද්ධ මුදල (Net Amount) පමණි.
උදාහරණයක් ලෙස: 15% කොමිස් මුදල අඩු වී ඔබට ලැබුණේ රු. 850 නම්, Return එකකදී ඔබේ ගිණුමෙන් අඩු වන්නේද රු. 850 ක් පමණි.
පද්ධතිය ලබාගත් කොමිස් මුදල ඔබෙන් නැවත අය කරගනු නොලැබේ.
Mehewara - විශ්වාසනීයම අධ්‍යාපනික සහායකයා.
Content updated soon.
Content updated soon.